දකුණු අප්‍රිකාවට ලකුණු 71 ක ජයක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී අද (10 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 71ක ජයක් අත්කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 331 ක් ලබාගත්තේය. වර්ෂාව නිසා තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 16 කදී කඩුලු 2 කට ලකුණු 75 ක් ලබා සිටියේය.

තරගය නැවත ආරම්භ වීමෙන් පසු, ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව, ශ්‍රී ලංකා පිලේ ඉලක්කය ඕවර 24 කදී 193 ක් දක්වා වෙනස් කළද ඕවර 24 කදී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 5 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *