වතුර වළකට වැටී කුඩා දරුවෙක් මරුට

උහන, මහකණ්ඩිය ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ ජලය පිරි වළකට වැටීමෙන් කුඩා ළමයෙකු මිය ගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, අවුරුද්දයි මාස 2 ක පිරිමි දරුවෙක් එලෙස මිය ගොස් ඇති බවයි.

අදාළ වළ වැසිකිළි වළක් සඳහා කපා ඇති අතර දරුවා ඊට වැටී ඇත්තේ සිය මව පසුපස යෑමේදීයි.

දෙමාව්පියන් විසින් දරුවා ගොඩට ගෙන රෝහල් ගත කළ ද දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *