සිය දරුවන් දෙදෙනා සමග ඇඹිලිපිටිය චන්ද්රිකා වැවට පැනීමෙන් පසු ප්රතිකාර ලබමින් සිටි මව ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ 32 හැවිරිදි මව ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
සිද්ධියෙන් පස් හැවිරිදි පිරිමි දරුවා මියගොස් ඇති අතර, 11 හැවිරිදි අනෙක් පිරිමි දරුවා මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ ප්රතිකාර ලබයි.
අද(01) දහවල් අදාළ කාන්තාව සිය දරුවන් දෙදෙනා සමග චන්ද්රිකා වැවට පැන තිබූ අතර එහිදී පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායමේ සාමාජිකයින් මව සහ එක් දරුවෙකු බේරාගෙන තිබිණ.