වධක තනතුරට බඳවා ගැනීම සඳහා මෙරට සුදුසු පුද්ගලයෙකු නොමැති නම් මීළඟ පියවර ලෙස එල්ලා මැරීමේ මරණ දඬුවම කි‍්‍රයාත්මක රටකින් ගෙවීමේ පදනම මත පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුර සඳහා එක් කර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙනවා
වධක තනතුරට බඳවා ගැනීම සඳහා අයදුම්පත් භාර ගැනීම මේ මස 25 වැනිදායින් අවසන් වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.
ලැබෙන අයදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුර සඳහා තෝරා ගැනීමට නියමිතයි.
එලෙස තෝරා ගනු ලබන පුද්ගලයින් දෙදෙනා මැලේසියාවේ පුහුණුවකට යොමු කෙරෙන බවද, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසනවා.
යම් හෙයකින් සුදුසුකම් ඇති අයෙකු වධක තනතුරට අයදුම් කර නොතිබුණ හොත්, එල්ලා මැරීමේ මරණ දඬුවම කි‍්‍රයාත්මක රටකින් ගෙවීමේ පදනම මත අදාළ පුද්ගලයින් දෙදෙනෙකු එම තනතුර සඳහා එක් කර ගැනීමට සිදු වෙන බවයි එහිදී වැඩිදුරටත් සඳහන් කෙරුණේ.