මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන දිනය තමන් දන්නා බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළා.
ජනපති නිල නිවසේදී දෙස් විදෙස් මාධ්‍ය ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ජනපතිවරයා මේ බව සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් ඒම දිනය පිළිබඳව ඔහු සඳහන් නොකර සිටියා.
මරණ දඬුවම නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාර තුළ සිටිමින් තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන්නේ නම් ඔවුන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර සඳහන් කළා.