බෝම්බවලින් මැරුණු ගණන අඩුවෙලා – 359 දැන් 253 වෙලා

දිවයිනේ ස්ථාන කිහිපයකට පසුගිය 21 දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් පිළිබදව මාධ්‍යයේ පළ වූ වාර්තා පරස්පරතා මතු වී ඇති බැවින් ඒ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විශේෂ නිවේදයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මිය ගිය පුද්ගලයින් ගණන 359 නොව 253ක් බවයි වාර්තා වන්නේ.

මෙවැනි බෝම්බ පිපිරීම් වලදී මියයන සමහරුන්ගේ ශරීර විශාල වශයෙන් හානියට ලක්වන අතර, ඇතැම් සිරුරු විනාශ වීමටත්, කොටස්වලට කැඩී සම්පූර්ණ සිරුරු වශයෙන් හඳුනාගත නොහැකි තත්ත්වයටත් පත්වීම නිසා මරණ සංඛ්‍යාව නිශ්චිත වශයෙන් ගණනය කිරීමේ අසීරුතාවයක් පසුගිය දා ඇතිව තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ අනුව මරණ සංඛ්‍යාව සෑම දිනකම ප්‍රකාශයට පත් කෙරුනේ ආසන්න අගයක් ලෙස බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *