පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් මිය ගිය ගණන ඉහළට

ත්‍රිකුණාමලය – කින්නියා කලපුවේ කුරුංඤ්ඤන්කේනි ප්‍රදේශයේදී පසුගිය 23 වනදා පාලම් පාරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ හය හැවිරිදි දැරියක මියගොස් තිබෙනවා.

එම දැරිය ත්‍රිකුණාමලය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මෙලෙස මියගොස් ඇත්තේ.

ඒ අනුව සිද්ධියෙන් මේ වනවිට මියගොස් ඇති සංඛ්‍යාව හත දක්වා ඉහළ ගොස් තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *