ශ්‍රිපාදස්ථානය ජාතික උරුමයක් ලෙස නම් කරයි

සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රිපාදස්ථානය  පිහිටි සමනල අඩවිය ශ්‍රි  ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමේ සන්නස් පත්‍රය හිටපු ජනපති අතින් පිරිනැමේ .

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  සිය පස් වසරක ජනාධිපති ධූරයේ රාජකාරී ඉකුත් 17 වනදා අවසන් කළේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් තවත් සුවිශේෂි කටයුත්තක් ඉටු කරමිනි.

වසර 2600කට පෙර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පාදස්පර්ශ වූ ශ්‍රි පාදස්ථානය පිහිටි සමනල අඩවිය   උතුම් පූජා නගරයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරිමේ ගැසට් නිවේදනයට අත්සන් තබමින් ජනාධිපතිතුමා සිය පස් වසරක ජනාධිපති ධූරයේ රාජකාරී අවසන් කරන ලදී.

ඊයේ (05) පස්වරුවේ ඓතිහාසික පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රාජමහා විහාරස්ථාන පුදබිමට පැමිණි හිටපු ජනාධිපතිතුමා විසින් ” ඓතිහාසික ශ්‍රි පාදස්ථාන පුදබිම ප්‍රවේශ මාර්ග හා ඒ ආශ්‍රිත වනජීවී කලාපය නමින් ” ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමේ සන්නස් පත්‍රය පැල්මඩුල්ල පොත්ගුල් රාජමහා විහාරාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති  රත්නපුර මහදිසාවේ ප්‍රධාන  සංඝනායක ශ්‍රි පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක මාහිමිපාණන් වෙත පූජා කරනු ලැබීය.

මෙම අවස්ථාව සදහා හිටපු ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් නිවිතිගල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක මියුරු භාශිත ලියනගේ, රත්නපුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක නීතිඥ ප්‍රියන්ත කරුණාරත්න  යන මහත්වරුන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක්ද එක් වූහ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *