{:si}මොම්බායි ගුවන්තොටුපළේදී දීපිකාගෙන් හැඳුනුම්පත ඉල්ලයි (Video){:}{:en}Deepika Padukone is winning the internet with her reaction when asked for ID at airport (Video){:}

{:si}මේ දවස්වල ඉන්දීය සමාජ ජාල හරහා එක්තරා වීඩියෝවක් වෛරසයක් මෙන් සැරිසරමින් තිබේ. එහි දැක්වෙන්නේ මොම්බායි ගුවන්තොටුපලේ ආරක්‍ෂක නිලධාරීන් විසින් දීපිකා පදුකෝන් ගේ ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටීමයි.

එම අවස්ථාවේදී කිසිදු පැකිළීමකින් තොරව දීපිකා ඇගේ ජාතික හැඳුනුම්පත තම රාජකාරිය නිසිපරිදි ඉටු කරන ආරක්‍ෂක නිලධාරීන් වෙත ලබා දී තිබේ. දීපිකාට පමණක් නොව ගුවන්තොටුපළ පර්යන්තයේ ඔවුන් පසුකර ගෙන ගිය සැමටම ඔවුන් එලෙස තම රාජකාරිය දේවකාරියටත් වඩා ඉහළින් ඉටු කරමින් සිටී.

මෙම වීඩියෝව නෙත ගැටුණු සමාජ මාධ්‍යයේ බොහෝ පුද්ගලයන් සුපිරි තරුවක් වූ දීපිකා එවැනි පොදු අවස්ථාවකදී දැක් වූ නිහතමානීත්වය පිළිබඳ ස්තුතිපූර්වක පණිවිඩ පළ කර තිබේ. මේ අතර අයකු සඳහන් කර ඇත්තේ තම අනන්‍යතාව පෙන්වීම සඳහා දීපිකා ජාතික හැඳුනුම්පත පෙන් වූ ආකාරයට ඔහු කැමැති බවයි. එයට ගරු කළ යුතු බවයි. තවත් ඉන්ස්ටග‍්‍රම් ගිණුමක හිමිකාරියක් පවසා ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් සහ මිස් පදුකෝන් යන පාර්ශ්ව දෙකම සියල්ල හොඳින් සිදු කළ බවයි.

කෙසේ වෙතත් දීපිකා මෙම සිද්ධිය ඔස්සේ ද තමන්ගේ ප‍්‍රතිරූපය තව තවත් වර්ධනය කරගෙන තිබේ. මේ වන විට ඇය විවාහයෙන් පසුව රන්වීර් සමඟ රඟපාන පළමු චිත‍්‍රපටය සඳහා සූදානම් වෙමින් සිටී. ඊට අමතරව මේගන් ගුල්සාර් ගේ චාපාක් චිත‍්‍රපටයේ රූපගත කිරීම්වලට සහභාගි වෙමින් සිටී.

{:}{:en}Deepika Padukone is winning the internet with her reaction when a security guard asked for her ID at the Mumbai airport. The actress was entering the airport with her father Prakash Padukone when the guard asked her for her ID. Without showing any starry tantrums, Deepika immediately turned around and politely asked the guard, “Chahiye?” (Do you want it?). The actress then walked back to the guard to show her ID, before entering the airport.

{:}

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *