ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්‌

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක්‌ ඉදිරිපත් කිරීමට ඩිමොක්‍රටික්‌ පක්‍ෂය කටයුතු කරගෙන යයි.

බලය අයථා ලෙස භාවිත කිරීම ට්‍රම්ප්ට එරෙහිව ඇති ප්‍රධානතම චෝදනාවයි. නීතියට එරෙහිව කටයුතු කිරීම හා දූෂණ වංචා චෝදනාවන් ද ට්‍රම්ප්ට එරෙහිව පවතී. කෙසේ වෙතත් ට්‍රම්ප් තමන්ට එරෙහිව ඇති චෝදනාවන්ට පිළිතුරු දීම වෙනුවට මාධ්‍ය ආයතනවලට එරෙහිව ප්‍රකාශ නිකුත් කරමින් සිටියි.

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමා නිර්දෝෂී බවත් දූෂිතයන් පිරිසක්‌ එක්‌ව තමන් ජනාධිපති පදවියෙන් ඉවත් කරන්නට උත්සාහ දරන බවත් ය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *