“මම එනවා කිව්වම බැසිල් අස්වෙන්නම් කිව්වා. ඒක හින්දායි මම එතුමාට ගෞරව කරන්නේ” – ධම්මික

තමන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නම් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වෙන බව පැවසූ බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස් පහතින්.

ප්‍රශ්නය – චෝදනාවක් තියෙනවා බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝගවලට වැඩකරනවා කියලා. ?

අමාත්‍ය ධම්මික පෙරේරා – “මට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දෙන්න වෙන මහත්තයෙකුට තමයි අස්වෙන්න කියලා කිව්වේ. හැබැයි මම එනවා කිව්වම එතුමා කිව්වා. මම එනවා නම් එතුමා අස්වෙන්නම් කියලා. ඒක තමයි මේකේ රහස. මොකද එතුමාත් කැමති නැතුව ඇති එයා අස්වෙලා පොඩි එක්කෙනෙක්ව ගේනවාට. ඉතින් ඒක හින්දා මම එතුමාට ගෞරව කරන්න ඕන.”

ප්‍රශ්නය – ඔබතුමාට රටපුරා විරෝධතාවයක් දැක්වූවා. මේ විරෝධතාකරුවන් ඔබතුමාට අත්පුඩි ගහන දවසක් ඒවිද.?

අමාත්‍ය ධම්මික පෙරේරා – “මෙහෙමනේ පුතා, 87 ඉඳලා 89 වෙනකල් මමත් ඔය අරගලය කරපු එක්කෙනෙක්. ඉතින් ඒක නිසා මට ඒකෙ වෙනසක් නෑ. අපිත් පාරේ නේ හිටියේ. ඉස්සර මට අහුවුනා නම් මමත් ඔය ටිකම තමයි කරන්නේ. ඉතින් ඒක නිසා එහෙම කරපු එක්කෙනෙකුට තව ආවහම මගේම ජාතියේ එක්කෙනෙක් ඇවිල්ල තියෙනවා කියල තමයි මට හිතන්න වෙන්නේ. ”

“පොඩි ළමයි වුනාම අවුරුදු 22, 23 වගේ වෙනකොට අපෙත් ඒ දවස්වල ඔලුව ගිනි අරන් තිබුණේ. අපිනම් ඉස්සර ෆොටෝ බැලුවේ. දැන් ඒ ළමයි බලන්නේ වීඩියෝස්. අපි ෆොටෝ බලලා තමයි අපේ ඔලුව ගිනිගත්තේ. දැන් ඒ ළමයි වීඩියෝ බලලා තමයි ඔලුව ගිනි අරන් තියෙන්නේ. වෙන රටවල් මෙච්චර හොඳට තියෙන්නේ කොහොමද, මේ රටවල් මෙහෙම ගිහින් තියෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒ පොඩි ළමයි. මටත් ඒ වයසේම ළමයි ඉන්නවා. ඒක හින්දා මම දන්නවා ඒගොල්ලෝ හිතන විදිය. ඒගොල්ලොන්ට කියන්න පුළුවන් සිස්ටම් චේන්ජ් කියලා. හැබැයි ලොකු අය දැනගන්න ඕන සිස්ටම් චේන්ජ් කියන්නේ කවුද කියලා. සාම්ප්‍රදායික විදියට වසරක කාලයක් තිබුණා නම් දැන් මේ විදියට ෆන්ෂන් එකක් නෑ. මම ඇවිල්ලා තාම වැඩ භාර අරගෙනත් නෑ. හැබැයි ඇවිල්ලා තියෙන ඔක්කොම අයගේ ප්‍රශ්න ටික විසඳලා. සතුටෙන් තියන්න තමයි හැමෝම බලන්නේ. මොකද අපි කාවහරි සතුටින් තිබ්බේ නැත්නම් අපිව කවුරුවත් සතුටින් තියන්නේ නෑ.”

“දැන් ඔයගොල්ලොන්ටම හොඳටම පේනවා ඇති නේ පෙට්‍රල් පෝලිමේ ඉඳගෙන වෙන රටක වැඩකරන කෙනෙකුට කෝල් කරලා කියනවා ඔයා නම් සල්ලි එවන්න එපා මේ රටට කියලා. ඔයාලා පෝලිමේ ඉන්නකොට එහෙම දුරකථන ඇමතුම් අහලත් ඇති. හැබැයි බලන්න තමන්ගේ පෝලිම දික්කරගන්න තමන්ම කෝල් එකක් ගන්නවා. මේක රටම එකතුවෙලා විදෙස් ප්‍රේෂණ ටික අරන් එන්න, අපි මෙහෙම කරදරෙන් ඉන්නේ. අපිට බෙහෙත් නෑ, ඒක හින්දා අයියලා මල්ලිලා නෑදෑයෝන්ට කිව්වොත් හැමෝම එකතුවෙලා ඔයගොල්ලෝ මේ ටික ගේන්න කියලා, සල්ලි ටික ගෙනාවත් අපිට අපේ ප්‍රශ්නය ගොඩක් දුරට මගහරවා ගන්න පුළුවන්. හැබැයි අපිම අපේ සල්ලි එහේ තියලා නවත්වලා අපිම විදේශිකයින්ට එන්න දෙන්නේ නැතුව අපේ රටේ බ්‍රෑන්ඩ් එක ඉවර කරලා, අපි විසින්ම ළිඳකට වැටිලා තිබුණොත් ළිඳ එච්චර ගැඹුර නැතිවෙන්න පුළුවන්. අපි දැන් කරන්නේ දිනපතා හාර හාර පස්ටික ගොඩ දානවා අන්තිමට ළිඳ එන්න එන්න ගැඹුරට යන එක තමයි වෙන්නේ.”

You May also like

Leave a Reply

Your email address will not be published.