“ජනපති ඝාතන කුමන්ත්‍රණය සහ දියමන්ති සොරකම ගැන අමල් කතා කරයි ” – අමල්ගෙන් ලැබුණු දුරකතන ඇමතුම මෙන්න (EXCLUSIVE)

දියමන්ති සොරකමක් සම්බන්ධයෙන් තමන්ට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබූ බවට පොලිසිය ප්‍රකාශ කළ බවට මාධ්‍ය ඔස්සේ පළ කරන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඩුබායි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා පවසනවා.

ඩුබායි හි සිටින සිටින truenews.lk වාර්තාකරුව දුරකතනයෙන් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ එවැනි කැඳවීමක් තමන් ශ්‍රී ලංකාවේ සිටින විට නොලැබුණු බවයි.

එමෙන්ම දැනට බන්ධනාගාරගත කර සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ තමන් ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සඳහා සම්බන්ධ බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් ද ඔහු එහිදී අදහස් පළ කර තිබෙනවා.

එම නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ තමන් අතර සම්බන්ධයක් නොමැති බව ද අමෙරිකාවේ සිට පැමිණි තමන්ගේ මිතුරෙකු සමග එක් වරක් ඔහුව හමුවූ බව ද අමල් පෙරේරා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *