බැසිල් ලොක්කා ගියා මෝදි හමු වුණාද? හූ… හූ කියලා මදි…- මර්වින් සිල්වා

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ඉන්දීය සංචාරයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට අවස්ථාවක් ලබාදී නැතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජිනීවා හි එලැඹෙන මාර්තුවේ ජිනීවා සමුළුවට ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීම සඳහා ඉන්දීය අගමැතිවරයා හමුවීමට බලාපොරොත්තු වී ඇති බවයි.

සිය නිවසේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ

“බැසිල් ලොක්කා ගියා මෝදි හමු වුණාද? හූ… හූ කියලා මදි… සිහිනය බොද වෙලා ආවා. ඒ මිනිස්සු වැදගත් මිනිස්සු අපේ මාතෘත්වයට ගරු කරන මිනිස්සු. ඉන්දීයන් අගමැති තුමා දන්නවා හරකා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා. ඔය යුරෝපා සංගමයේ ජනවාරි මාර්තු වල ජීනිවා එකට ඉන්දියාවේ සහයෝගය ලබා ගන්න ගිය උප්පරවැට්ටියක්.”

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *