තවත් නෞකාවකින් ඉන්ධන ගොඩබෑම අද (21) දිනයේ ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඩීසල් සහ පෙට්‍රල් මෙලෙස ගොඩබෑම සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙට්‍රික් ටොන් 37,000ක් රැගත් මෙරටට පැමිණි නෞකාවේ පෙට්‍රල් ගොඩබෑමට නියමිත බව වාර්තා වේ.
මීට අමතරව ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබුණු ඩීසල් මෙට්‍රික් ටොන් 38,000ක් රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබෑම ද අද සිදුකිරීමට නියමිතය.
පෙට්‍රල් මෙට්‍රික් ටොන් 28,000ක් රැගත් නෞකාවේ ඉන්ධන ගොඩබෑම පසුගිය 19 වනදා ආරම්භ කළ අතර එම ඉන්ධන බෙදාහැරිම ඊයේ (20) දිනයේ ආරම්භ කර තිබුණි.
ගත වූ දින දෙක තුළ ද දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වෙත ඩීසල් බෙදාහැරිමට කටයුතු කර තිබේ.
ඊයේ දිනයේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් බෙදාහැරිමේ කටයුතු ද ආරම්භ කළ බව කංචන විජේසේකර අමාත්‍යවරයා පැවසුවේය.