මම අද දුක් වෙනවා, ගෝඨාට දැම්මේ බොරු නඩුවක් – දිල්රුක්ෂි ඩයස්

වත්මන් රජය බලයට පැමිණි සැනින් ශ්‍රී ලංකාව සතු වූ විශාලතම ජාත්‍යන්තර ව්‍යාපාරය වූ ඇවන්ගාඩ් සමාගමට එරෙහිව කටයුතු කිරීම ආන්දෝලනයට තුඩු දුන්නේය.

ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක වූ ආරක්ෂක සේවයක් වූ ඇවන්ගාඩ් සමාගම, මෙරටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ආ 100%ක් ශ්‍රී ලාංකික සමාගම විය. තවද මානුෂීය මෙහෙයුමෙන් ආබාධිත වූ සහ විශ්‍රාමික රණවිරුවන් දහස් ගණනකට ඇවන්ගාඩ් ව්‍යාපාරයෙන් රැකියා උත්පාදනය කිරීමද සිදු විය.

වත්මන් රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්, ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන ආදි බලවේග කිහිපයක් එවකට ඇවන්ගාඩ් සමාගමට එරෙහිව කටයුතු කිරීම හා අදහස් දැක්වීම සිදු කළා.

කෙසේ වෙතත් මේ වනවිට එවැනි සේවයක් සිදු කළ ඇවන්ගාඩ් සමාගමට දේශපාලනික අවශ්‍යතා මත නඩු දැමීම පිළිබඳ කණගාටු වන බව අල්ලස් කොමිසමේ හිටපු සභාපතිනි දිල්රුක්ෂි ඩයස් පවසනවා.

ඇය මේ බව පවසන්නේ ඇවන්ට්ගාඩ් ආයතනයේ සභාපති නිස්සංක සේනාධිපති සමග පැවැත්වූ දුරකථන සංවාදයකදීය.

එහිදි එම ඇවන්ගාඩ් නඩුවට හිටපු ආරක්ෂක ලේක්ම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැටලැවීම සම්බන්ධයෙන්ද තමන් කණගාටු වන දිල්රුක්ෂි ඩයස් පවසනවා.

“මේ කරුමක්කාර දේශපාලනේ හින්දා” යනුවෙන් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එම බොරු නඩු දැමීමේ කටයුතු පැහැදිලි කිරීම විශේෂත්වයකි.