බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට අත්අඩංගුවට ගත් ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා.
බොරැල්ල, හොර්ටන් පෙදෙසේ දි මෙම රිය අනතුර සිදුව ඇත්තේ අද (31) අළුයම 5.15ට පමණයි.
අලුත්කඩේ අංක 7 මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (01) දිනයේ පෙනී සිටින ලෙස ඔහුට පොලිසිය විසින් දැනුම්දී තිබෙනවා.
………………………………
ශ්‍රි ලංකා ක්‍රිකට් නායක දිමුත් බීමතින් රිය පදවා අනතුරක් සිදු කර මාට්ටු
බිමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ වරදට ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බොරැල්ල, හොර්ටන් පෙදෙසේ දි මෙම රිය අනතුර සිදුව ඇත.
අද (31) දින අළුයම 5.15ට පමණ මෙම රිය අනතුර සිදුව තිබෙනවා.
දිමුත් කරුණාරත්න පදවන ලද කාර් රථය ත්‍රීරෝද රථයක ගැටී ඇති අතර එහිදී ත්‍රීරෝද රථයේ රියදුරා තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කාර් රථයේ රියදුරු වූ දිමුත් කරුණාරත්න ඒ අවස්ථාවේ බීමත්ව සිට ඇති බවට අනාවරණය වී ඇති බවයි බොරැල්ල පොලිසිය සඳහන් කළේ