දිමුත් කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 7,500ක දඩයක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට අමෙරිකානු ඩොලර් 7,500ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීමේ සිද්ධිය මුල් කර ගනිමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා  ප්‍රකාශ කළේ මෙම වරද සිදු කිරීමෙන් දිමුත් කරුණාරත්න සිය ක්‍රීඩක කොන්ත්‍රාත්තුව උල්ලංඝණය කර ඇති බවයි. ඒ අනුව එක් ටෙස්ට් තරගයක ගාස්තුව ඔහුගෙන් දඩ වශයෙන් අයකර ගැනීමට තීරණය කර ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඉකුත් ඉරිදා බොරැල්ලේදී දිමුත් කරුණාරත්න පැදවූ මෝටර් රථය, ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුවුණා. එහිදී ත්‍රී රෝද රථ රියදුරු සුළු තුවාල ලැබූ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඔහු මේ වනවිට පිටව ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දිමුත් කරුණාරත්නට ඇප හිමිවූ අතර ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලකව අත්හිටවුණා.

මේ අතර එළඹෙන ලෝක කුසාලන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් මෙරට පැවැත්වෙන පළාත් ක්‍රිකට් තරගාවලිය හෙට (04) ආරම්භ වනවා. එහිදි මහනුවර කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ද දිමුත් කරුණාරත්නයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *