ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට පොලිස් ඇප ලබාදීමේ සිද්ධිය පොලිස්පතිවරයාගේ අවධානයට ලක්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවා.
බීමතින් රිය පදවා අනතුරක් කිරීම සහ අනතුරට ලක්වූ තැනැත්තා රෝහල් ගත වී සිටීම සැලකිල්ලට ගෙන ඔහුට පොලිස් ඇප ලබා නොදී අධිකරණයට ඉදිරිපත් කළා නම් වඩාත් හොඳ යැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පෙන්වා දුන්නා.
පොලිස් ඇප ලබා දෙද්දී රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දැනුම්වත් කර නොමැති බව ද පොලිසිය කියයි.
කෙසේ වෙතත් අනතුරට ලක්වූ තැනැත්තා වැඩිදුර විමර්ශන අවශ්‍ය නැති බවට ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද පොලිසිය සඳහන් කරනවා.
අද (01) පෙරවරුවේ කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දිමුත් කරුණාරත්නට දැනුම් දී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.