ලෝක කුසලානයටත් දිමුත් ඉඟි පළ කරයි – වේගවත් ශතකයකින් ඉනිම සරසයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ශතකයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

සිංහල ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන ප්‍රිමියර් ලීග් එක්දින තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී දිමුත් කරුණාරත්න පන්දු 115 කදී ලකුණු 109ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහරවල් 12ක්ද ඇතුලත් විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ සිංහල ක්‍රීඩා සමාජය සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 296ක් රැස් කර ගනු ලැබුවා. එහිදී දිමුත්ගේ ශතකයට අමතරව කෞෂාල් සිල්වා ලකුණු 62ක් වාර්තා කිරීමට සම්ත්වුවා.

ලෝක කුසලානය සඳහා කණ්ඩායම තෝරා ගැනීම සඳහා මෙම තරගාවලිය යොදා ගැනෙන අතර දිමුත් කරුණාරත්න කණ්ඩායමට ඇතුළත් කළ යුතු බවට ද මේ වනවිට මත පළ වෙමින් තිබෙනවා.

කලක් එක්දින පිටියේ නොසිටීම නිසා ඔහු සම්බන්ධයෙන් තේරීම් කමිටුව සැක පලකර තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *