මුහුදුබත්වී වසර 107කට පසු ටයිටැනික් නැවේ වර්තමාන තත්ත්වය (Video)

ටයිටැනික් නැව මුහුදුබත් වීම වර්ෂ 1912 වර්ෂයේ සිදුවුවත් අදටත් ලොවම කම්පා කරන, නිරන්තරයෙන් සිහිපත් කරන සිදුවීමක් වී හමාරයි. 1500 කට අධික පිරිසකට මරු කැදවූ වූ ටයිටැනික් නැවේ අනතුර බොහෝ දෙනෙකුට සමීප සිදුවීමක් වුයේ එම සිදුවීම සිනමාගත කිරීමත් එක්කයි.

එලෙසින් බොහෝ දෙනාගේ මතකයන් අවුස්සන ටයිටැනික් නැව ගැන විටින් විට ප්‍රවෘත්ති මැවෙනවා. නවතම ප්‍රවෘත්තිය තමයි වසර 14 පසුව ටයිටැනික් නැව මුහුදුබත් වූ ස්ථානයට ගවේෂණ කණ්ඩායමක් ගොස් එහි සුන්බුන් පරික්ෂා කිරීමේ පුවත.

ඔවුන්ගේ ගවේෂණ අනූව නෞකාවේ තරු පුවරුවේ පැත්තේ නිලධාරීන්ගේ නිල නිවාසය අසල ඇති වළල්ල කඩා වැටෙන්නට පටන් ගෙන ඇති බව කිමිදුම්කරුවන්ගේ කණ්ඩායම සොයාගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *