හිවලුන් නිසා තනිව යන්න එපා..දරුවන් පාසල් යවන්නේ බලාගෙන – අවුරුදු 08 දැරියක් හිවලුන් කා මරුට

කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය සහ අවට ප්‍රදේශවල ජලභීතිකාව වැළඳුනු හිවලුන් ගැවසෙන බැවින් දරුවන් තනිව පාසල් යැවිමෙන් වලකින ලෙස වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

අවස්ථා කිහිපයකදී ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළා.

හිවලුන් සපාකෑම නිසා වයස අවුරුදු 08 දැරියක් සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වු බවටද තොරතුරු වාර්තා වී තිබුණා.

ඒ අනුව දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම ප්‍රදේශයේ ගැවසෙන හිවලුන් අතර, ජලභීතිකාව පැතිර යන බවටයි.

උදෑසන කාලයේදී හිවලුන් එලිමහනේ ගැවසෙන බැවින් පාසල් දරුවන් තනිව පාරේ නොයවන ලෙසත් රාත්‍රී කාලයේදීද තනිව ගමන් නොකරන ලෙසටත් ප්‍රදේශයේ ජනතාවගෙන් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *