දෙමෝදර ප්‍රදේශයේ නිවෙසක පසුපස ඇති අඩි 40ක් පමණ උස වේල්ලකින් මුවකු වැටී සිටි බවත් එම මුව දෙන වැටී සිටි ස්ථානයට කිසිවකුටත් ළංවෙන්නට ඉඩ නොදීමට තම නිවෙසේ ඇති කරන බූලා නම් සුනඛයා මුවාට ආරක්ෂාව දුන් බවත් නිවැසියන් සඳහන් කරයි.
නිවැසියන් පවසන්නේ එම මුවා කලක් පටන් තම ගෙවත්තට නිතර පැමිණෙන බවත් එසේ පැමිණීමේදී වේල්ලෙන් පහළට ලිස්සා වැටී තුවාල වී සිටි මුවා ළඟ පැය 4කට ආසන්න කාලයක් මෙම සුනඛයා ආරක්ෂාව ලබා දුන් බවයි.
පසුව රාවණා ඇල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ මුවාට ප්‍රතිකාර කිරීමට රැගෙන යෑමට කටයුතු කර ඇත. එහිදී මෙම සුනඛයා වනජීවී නිලධාරීන්ගේ රථයට නැඟීමට උත්සාහ කළ බවත් රථය ගමන් ගත් මාර්ගයේ කිලෝමීටරයකට වැඩි දුරක් මෙම සුනඛයා දුව ආ බවත් එය ඉතා සංවේදී දර්ශනයක් වූ බවත් ප්‍රදේශවාසීන් සඳහන් කර සිටී.
රාවණාඇල්ල වනජිවී කාර්යාලයේ වන සත්ත්ව නිලධාරීන් වන ජී.එම්.එම්. ප්‍රභාත් ඩී.ජී. එදිරිසූරිය, යොහාන් ප්‍රභාත්, සහ රියැදුරු ඕ. රංජිත් යන මහත්වරුන් මෙම මුවා ප්‍රතිකාර සඳහා රැගෙන යෑමට කටයුතු කළේය.