මෙම එක් සුනඛයෙකු ලක්ෂ දහයක් පමණ වේ යැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස් නිල සුනඛ අංශයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව පොලිස් සැපයුම් සේවා කොට්ඨාසය මෙම සුනඛයන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යයි.
ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට පොලිස් දෙපාර්තමේන්තුවට නිල සුනඛයන් සහ අශ්වයන් 2019 වර්ෂයෙන් පසු මිලදී ගෙන නොමැත .
මෙම බල්ලන් සහ බැල්ලියන් මාර්ගයෙන් පැටවුන් ලබාගෙන ඒ සතුන් පොලීසියේ විවිධ රාජකාරි සඳහා පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසයි.