අන්තිම කැමැත්ත වෙනුවෙන් ට්‍රම්ප් දුන්න දුරකතන ඇමතුම

මරණ මංචකයේ සිටින පුද්ගලයකුගේ අන්තිම කැමැත්ත ඉටුකිරීම සඳහා ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම පුද්ගලයාට ඇමැතුමක් දීමේ පුවතක් ඇමෙරිකාවේ කොනෙක්ටිකට් ජනපදයෙන් වාර්තා වනවා.

44 හැවිරිදි ජේ බැරැට් නමැති එම පුද්ගලයා ජානමය රෝගී තත්ත්වයකින් පීඩා විදින අයෙකික් වන අතර මියයෑමට පෙර ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සමඟ කතා කිරීම තම අවසන් ප්‍රාර්ථනාව යැයි ඔහු සඳහන් කර තිබෙනවා.

ජේ බැරෙට්ගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි බව වෛද්‍යවරුන් තීරණය කර ඇති අතර ඔහු මේ වනවිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද ට්‍රම්ප්ට දැනගන්න ලැබී ඇති අතර ඒ අනුව, ට්‍රම්ප් ඔහුට ඇමැතුම ලබා දුන්නා.

‘ඔබ හොඳ කෙනෙක්. කතාවෙන් ඒ බව පෙනෙනවා. මට ඔබේ ඡායාරූපයක් දකින්න ලැබුණා. අසනීපයක් තිබෙනවා පෙනෙන්නේ නැහැ. හොඳ තරුණ පෙනුමයි. උත්සාහය අත්හරින්න එපා.’ ආදී වශයෙන් ජනපති ට්‍රම්ප්, ජේ බැරැට්ට පවසා ඇති බවත් දෙදෙනා මිනිත්තු කීපයක් ඉතා සතුටින් කතාබහ කළ බවත් ඇමෙරිකන් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.

තමාගේ අන්තිම කැමැත්ත ඉටු කර දීම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ට තමන් ස්තුති කරන බවත්, ට්‍රම්ප් සැබැවින්ම නිහතමානී තැනැත්තකු බවත් ජේ බැරැට් පවසා ඇති බවයි ඒ.එෆ්.පී.පුවත් සේවය පවසන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *