ගෘහ සේවිකාවන් විකුණා දේශපාලනය කරන්න එපා

කුවේට්හි සිටින කාන්තාවන් තිස්හතර දෙනෙකු රජයේ වියදමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ගුවන් ටිකට්පත් පවා ‍වෙන්කරගෙන අදාළ කටයුතු සිදුවෙද්දී ඊට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙම කාන්තාවන් ගෙන්වාගැනීමට මුදල් එකතු කරන ලෙසට සේනානි සමරනායක නැමැත්තියකට උපදෙස් දීමේ පුවතක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ අධීක්ෂණ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහත්වරු ඊයේ (27) ප්‍රකාශ කළහ.

ගෘහ සේවිකාවන් විකුණමින් දේශපාලනය නොකරන ලෙසට මනූෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරුන් මෙහිදී දේශපාලනඥයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියහ.

ටුවිටර් පණිවුඩයක් මඟින් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් මුදල් එකතු කිරීමට භාර කර තිබෙන සේනානි සමරනායක නමැත්තිය මුදල් විශුද්ධිකරණය පිළිබඳ අධිකරණය හමුවේ නඩුවක් තිබෙන තැනැත්තියද යන සැකය මතුවී තිබෙන බවත් මන්ත්‍රීවරු දෙපළ පැවසූහ.

රජයේ වියදමින් අදාළ කාන්තාවන් මෙරටට ගුවන් මඟින් පැමිණෙන අතර ඊයේ (27) අද (28) ඉදිරි දිනවලදී ඔවුන්ගේ පැමිණීම සිදුවන බවත් මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පැවසීය. විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ඊයේ (27) විදේශ රැකියා කාර්යාංශයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මන්ත්‍රී මනූෂ නානායක්කාර සහ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහත්වරු මේ බව ප්‍රකාශ කළහ.

Namal-twitter

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *