සේවකයාගේ දු​ව අයිති කරගන්නට මිනී මැරූ ‘තෝසේ රජා’ මිය යයි

මිනීමැරුම් චෝදනාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිව තිබූ ප්‍රකට ඉන්දියානු ව්‍යාපාරිකයෙක් වුණු පී. රාජ්ගෝපාල් පසුගියදා හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දකුණු ඉන්දියානු හෝටල් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වන පී. රාජ්​ගෝපාල්ගේ අන්වර්ථ නාමය වෙන්නේ ‘දෝසා කිංග්’ එහෙමත් නැත්නම් තෝසේ රජා යන්නයි. එයට හේතුව ලොව පුරා ශාඛා 80ක් සහිත ‘සරවනා බවන්’ නම් ප්‍රසිද්ධ දකුණු ඉන්දියානු අවන්හල් ජාලයේ හිමිකාරයා ඔහු වීමයි.

71 වෙනි වියේ පසුවූ මේ ව්‍යාපාරික දැවැන්තයා 2004 වසරේදී මිනීමැරුම් චෝදනාවකට වරදකරු වුණා. තමන්ගේ සේවකයෙකුගේ 21 හැවිරිදි දියණියක්ව බිරිඳ කරගැනීමේ ආශාවෙන් පෙළුණු රාජ්​ගෝපාල්ගේ උත්සාහය කෙළවර වන්නේ ඒ කාන්තාවගේ සැමියාව ඝාතනය කිරීමෙන්.

මේ සඳහා වරදකරු වීම නිසා ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් රාජ්ගෝපාල්ට පැනවුණ නමුත් මේ තීන්දුවට එරෙහිව ඔහු දිගින් දිගටම සටන් කළා. අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජීවිතාන්තය දක්වා ලැබූ සිර දඬුවමෙන් මිදෙන්නට ඔහු උත්සාහ ගත්තත් පසුගිය ජුලි 9 වැනිදා ඔහුගේ දඬුවම ස්ථිර වුණා. ඉන් දින 9කට පසුව වැළඳුණු හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ දිනයේදී ඔහු මරණයට පත්ව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *