ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනයට වැරැදිකරුවන් වී එරට සිරදඬුවම් විඳිමින් සිටින හත්දෙනා නිදහස් කරන බව තමිල්නාඩු ප්‍රාන්තයේ ද්‍රවිඩ මුනේත්ර කලහම් (ඩී.එම්.කේ) පක්ෂය සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වමින් සඳහන් කර තිබෙනවා.
එහි සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් සියලු දෙනාටම පුරවැසිභාවය ලබාදෙන බව ද එම පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වන බවයි ඒ.එන්.අයි පුවත් සේවය පවසන්නේ.
දෙමළ සිරකරුවන් හත්දෙනා නිදහස් කරන්නැයි තමා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට බල කර සිටින බව ද මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වමින් එම්.කේ. ස්ටාලින් සඳහන් කර තිබෙනවා.