ඉතාලියේ මිලාන් නගරය ආසන්නයේදී පාසැල් සිසුන් සහිත බස් රථයක් එහි රියදුරා විසින් පැහැරගෙන ගොස් ගිනිතබා ඇතැයි වාර්තා වනවා.
එම අවස්ථාවේ රථයේ සිසුන් 51ක් සිටි බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
කෙසේ වුවද බස් රථයේ පිටුපස වීදුරු බිඳ දමා දරුවන් පිටතට ගෙන ඇති අතර දරුවන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවී නොමැති බව සඳහන් වනවා.
දුම ආශ්වාස වීම හේතුවෙන් 14දෙනකු රෝහල් ගතකළ බව පොලිසිය පවසනවා.
47 හැවිරිදි ඉතාලි ජාතික රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර බස් රථයේ ගමන් කරමින් සිටි ගුරුවරියක පවසා ඇත්තේ ඉතාලි රජයේ සරණාගත ප්‍රතිපත්තිය සම්බන්ධව රියදුරා අමනාපයෙන් සිටි බවයි.