බොරැල්ල රථ වාහන ස්ථානාධිපති යට කළ රියදුරුට ඇප

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරයේ සිටි ඩිෆෙන්ඩර් රථය ධාවනය කළ රියදුරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ඒ අනුව නවිදු ඔමේෂ් රත්නායක නැමැති සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය යටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ ජිප් රථයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතණුවන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙකු මීට පෙර ඇප මත මුදා හැරීමට අධිකරනය නියෝග කර තිබුණි .
මෙම නඩුව යළි අප්‍රේල් මස 22 දා කැදවීමට නියමිතය .

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *