ඇප දුන්නත් ‘මහින්දානන්දගේ පුතා’ යළි රිමාන්ඩ්

බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති හප්පා පලා යෑම ගැන තොරතුරු පොලිසියට වාර්තා නොකළැයි අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇප නියම වූ හත් දෙනාගෙන් පස් දෙනකු හෙට (26) තෙක් යළි රිමාන්ඩ් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන් 07 දෙනා රුපියල් ලක්ෂ පහක් බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් වන පරිදි මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

කෙසේ වුවත් ඇප කොන්දේසි සපුරා ගත නොහැකිවූ මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුළු 5 දෙනෙක් හෙට දිනය දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත්වරයා පසුව නියෝග කර තිබෙනවා.

ඇප කොන්දේසි සැපිරූ සැකකරුවන් දෙදනෙක් ඇප මත මුදාහළ බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *