පෙරේදා (23)පස්වරුවේ කොල්ලුපිටිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය කරනු ලැබූ මත්ද්‍රව්‍ය තොගය පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දියාව වැනි මත්කුඩු ජාවාරමේ ප්‍රබල ලෙස නිරතව සිටින රටවල්වලින් අල්ලා ගන්නා හෙරොයින් තොග හැරුණුවිට ආසියාවෙන් අල්ලා ගත් විශාලතම හෙරොයින් තොගය මෙය බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ පවසනවා.
ජාවාරම් කිරීම සඳහා එම සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානය වෙත ගෙනවිත් එම රථගාලේදී තවත් වාහන කිහිපයකට බාරදීමට සූදානම් කර තිබූ එම හෙරොයින් තොගය මහා පරිමාණයෙන් ජාත්‍යන්තරව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රධාන ජාවාරම්කරුවකුගේ හෙරොයින් බෙදාහැරීමේ කොටසක් වන අතර මෙම මත්ද්‍රව්‍ය තොගය එම ස්ථානයට ගෙන එන ලද ගොඩනැගිලි ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි කෝටිපති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියැදුරු වන සැකකරුවන් දෙදෙනා එම ජාවාරමේ කොටස්කරුවන් වනවා.
ඔහු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන විට පොලිසියේ පරීක්ෂාවලින් බේරීමටත් සැකයක් ඇති නොවන ලෙසත් සිය සිව් (04) හැවිරදි දරුවාද වාහනවල රැගෙන යන බව හෙළිවී ඇති අතර කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණ රථ ගාලට ඔහු පදවාගෙන පැමිණි කුඩා වෑන් රථයේද සිව් හැවිරිදි දරුවා සිට තිබෙනවා.
ඔහු එක් වාහනයක් පදවාගෙන සුපිරි රථ ගාලට පැමිණ ඇති අතර අනෙත් වාහනය පදවාගෙන පැමිණි ඇත්තේ ඔහුගේ රියදුරාය.
රථ ගාලට මත්කුඩු සමග රැගෙන එන වෑන් රථය යතුරත් සමග දමා ගිය පසු ඒවා ගැණුම්කරුවන් විසින් රැගෙන යන බව අත්අඩංගුවට ගත් රුක්සි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේදි පවසා තිබෙනවා.
මේ ජාවාරම ඩුබායි සිට සිය මස්සිනා විසින් මෙහෙයවන බවද ඔහු පවසා තිබෙනවා.
තමන්ට නියමිතව ඇත්තේ ඔහු ඩුබායි සිට ලබාදෙන උපදෙස් මත වාහන සුපිරි වෙළඳ සංකීර්ණ ආශ්රිත රථගාල්වලට ගොස් මත්කුඩු සමග අතහැර යාම බවත් එම වාහනය රැගෙන යන්නේ කවුදැයි දන්නේ ඩුබායි සිටින සිය මස්සිනා බවත් ප්‍රශ්න කිරීම් හමුවේ රුක්සි පවසා ඇති බවයි කළේ.
එසේ පසුගිය මාස දෙකක කාලය තුළ පමණක් හොරොයින් කිලෝ 100 සහ 50 බැගින් මෝටර් රථවල රැගෙන ගොස් රථගාල් 15 ක වාහන පහලොවක් අතහැර ගිය බවද ඔහු හෙළිකර තිබෙනවා.
එසේ මත්කුඩු සමග මෝටර් රථ අතහැරදමා ගොස් තිබෙන්නේ කොළඹ සහ ඒ අවට සුපිරි වෙළඳ සැල් රථගාල් වලය. ඒ සියළුම මෝටර් රථ කුළී පදනමට ගත් ඒවා බවද වාර්තා වනවා.
ඩුබායි සිට මෙම මත්කුඩු ජාවාරම මෙහෙයවන රුක්සිගේ මස්සිනා රහීම් නැමැති අයෙකි. ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධව සිටින මහමොලකරුවන් ලෙස හඳුනාගෙන සිටින්නේ මොරිල් නැමැත්තාය. මාකදුරේ මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගන්නට ඩුබායි පොලිසියට මධුෂ්ගේ සාදය ගැන තොරතුරු ලබාදුන්නේ යැයි කියැවෙන්නේ මොරිල්ය. මධූෂ්ගේ ගෝලයින්ගෙන් එල්ලවන ජීවිත තර්ජන හේතුවෙන් ඔහු මේ වන විට ඩුබායි සිට එංගලන්තයට පළාගොස් සැගවී සිටින බව සඳහන්.
රහීම් සහ මොරිල්ගේ මෙහෙයැවීමෙන් පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ බහුදින යාත්‍රාවල සඟවා අලුත්ගම බේරුවල හික්කඩුව මිරිස්ස ඇතුළු දකුණූ මුහුදුතීරයට හොරොයින් රැගෙන එන බවත් ඒවා කොළඹ සහ ඒ අවට ආරක්ෂක ස්ථානවල ඔවුන් ගබඩාකර තබන බවටත් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
මෙවර හසුවූ හෙරොයින් තොගය අලුත්ගම සිට රැගෙනවිත් ඇති බවට සැකකරන තොරතුරු මේ වන විටත් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
එම හෙරොයින් තොග ගබඩා කෙරෙන කොළඹ මට්ටක්කුලියේ පිහිටි ගබඩාවක් සම්බන්ධයෙන් ද තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී තිබෙනවා.
කිලෝ 294 ක් වූ මෙම හෙරොයින් තොගය වැටලීමට ඔත්තුව ලැබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශයටය.