ව්‍යවස්ථා සංශෝධනයේ පිටු ගලවයි..ද්විත්ව පුරවැසියන්ට අවස්ථාව නෑ – කමිටුවේ තීරණ මෙන්න

ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද කමිටුව ඊයේ දිනයේ රැස් වී තිබෙනවා.

එහිදී කෙටුම්පතේ වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට එකගතාවයට පැමිණ ඇති බව වාර්තා වනවා.

ද්විත්ව පුරවැසියන්ට මෙරට පාර්ලිමේන්තුව නියෝජනයට හා උසස් නිලතල දැරීමට අවසර නොදීම, ඇමති මණ්ඩලය සීමා කිරීම, විගණන කොමිසම පෙර ආකාරයෙන්ම පැවතීම ඇතුළු සංශෝධන ගණනාවකට මෙහිදී එකග වී තිබෙනවා.

ඒ අනුව නව සංශෝධන සහිත වාර්තාව සකස් කිරීමෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද දිනයේ භාරදීමට නියමිතයි.

ඉන්පසු හෙට දිනයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

එහි සම්මත වීමෙන් පසු නව ගැසට් නිවේදනයක් මගින් එය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *