දුමින්ද සිල්වා ට පොදු සමාව දීමට එරෙහි FR පෙත්සම් විභාගය කල්දැමේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව ප්‍රදානය කරමින් නිදහස් කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳව විභාගය නොවැම්බර් මස 17 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

එස්. තුරෙයිරාජා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අදාළ පෙත්සම කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *