අහිංසක මිනිස්සුන්ව රවට්ටන්න එපා – ඉරාජ්ට සහ රන්ජන්ට දුෂ්‍යන්ත්ගෙන් සැර කතාවක්

ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත් වීරමන් තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහා ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරාජ්, රන්ජන් රාමනායක ඇතුළු දේශපාලනික මතවාද පතුරුවන කලාකරුවන්ට පණිවුඩයක් ලබා දී තිබෙනවා.

එම ෆේස්බුක් පෝස්ටුව පහතින්.

”මම රන්ජන් රාමනායකට නලුවෙක් හැටියට ලොකු කැමැත්තක් තිබුන කෙනෙක් නෙමෙයි. මුල්වරටම මට 2008 දී Sirasa Dancing Star එකේදී මට රන්ජන් හම්බුනේ තවත් තරඟකරුවෙකු හැටියට. එදා ඉදං එයා මාව එච්චර ගනං ගත්තෙත් නැහැ මම එයාව ගනං ගත්තෙත් නැහැ. රන්ජන් රාමනායකගේ සමහර ගොසිප් අහිලා තිබුනට, මූනට මූන හමුවුනාම හොඳ personality එකක් තියෙන කඩවසම් සහ පෙනුමට හරි නිහතමානී බවක් තිබුන මනුස්සයෙක් කියලයි මට දැනුනේ. පසු කාලීනව කොහේ හරි හමුවුනත් අපි සුහදව කතා කලේ, එකට ඉදං පින්තූරයක් ගත්තේ මනුස්සකමට මිසක්, ඔහු මගේ fan කෙනෙක්වත්, මම ඔහුගේ fan කෙනෙක්වත් වූ නිසා නෙමෙයි. හැබැයි ඔහු මෑත කාලේ කියපු සමහරක් දේ මගේ මිත්‍රයා ඉරාජ් වීරරත්න විසින් විකුර්ති කලාදෝ කියලා මට හිතෙනවා. ඉරාජ් මගේ මිත්‍රයා නිසා, මට මගේ මිත්‍රයාගේ වරද පෙන්වීමේ වරදක් නැහැ කියලා මම හිතනවා.

සමහරවිට මම මේ කියන දේ නිකං අනුන්ගේ දේට හොට දානවා වගේ වෙන්න පුලුවන්. හැබැයි ඉරාජ් සහ රන්ජන් වගේ අය social media හරහා මේ දවස්වල අපේ ජීවිතවලට ප්‍රබල බලපෑම කරන අය. ඒ නිසා අපි ඉදිරියේදී මූන දෙන ජනාධිපතිවරණයට සහ මැතිවරණයට පෙර අපේ ඔලුවලට බොහෝ බලපෑම් කරන්න හැකියාවක් තියෙන අය. ඉතිං මේ අය අතින් වරදක් වෙනවානම් ඒ අයටත් අභියෝගයක් කරන එකේ වරදක් නැහැ කියලා මට හිතුනා.

පහල තියෙන්නේ https://youtu.be/OMYSpLMAeaw ලඟදි ඉරාජ් රන්ජන්ට ගත්තු call එකක්. ඉරාජ්ම තමයි call එක අරන් තියෙන්නේ සහ ඔහුම තමයි ඒක record කරන්නේ සහ, ඒ recording එක එයාගේම YouTube channel එකට දාන්නේ. ඉරාජ් ලොකු උත්සාහයක් ගන්නවා රන්ජන්ගේ කටට නම් දාලා රන්ජන් නොකීපු දෙයක් කියවන්න. හැබැයි රන්ජන් ඉරාජ්ගෙන් අහන ප්‍රශ්නවලට කිසිවිටෙකත් උත්තර නොදී, මම ඕවා දන්නේ නෑනේ අය්යා, මට අයිතියක් නෑනේ අය්යා වගේ කතා කියලා ලිස්සලා යනවා. ඔය විදියට ඉතාමත් කල්පනාකාරීව ඉරාජ් call එක රන්ජන්ට ගහලා record කලත් රන්ජන් කීපු හැම දේම අපිට අහන්න නැහැ කියලයි මට දැනුනේ. කොහොම වුනත් මට මේකට අතගහන්න හිති දෙන්නේ මේනිසාමයි…

ඉරාජ් කියන්නේ මාර පොරක්. Talented Producer කෙනෙක්. දුර දැක්මක් තියෙන පුද්ගලයෙක්. ඔහුගේ ප්‍රතම සිංහල ගීත නිර්මාණය මා විසින්ද ප්‍රතමයෙන්ම ගායනා කල “පානා සෙනෙහස” ගීතයයි. අපි අදටත් හොඳ යාලුවෝ. මට අන්තිමට හමුවුනේ සති දෙකකට විතර කලින්. දැං අපිට එච්චර කිට්ටු ආශ්‍රයක් නැතත්, කලාතුරකින් Badminton ගහාන්න අපි set වෙනවා.

ඉරාජ් ක්‍රමක් ක්‍රමයෙන් දැන් ලොකු බලයක් social media නිසා ඇතිකරගෙන තියෙන දක්ශ පොරක් කිව්වොත් නිවැරැදියි. ඔහුටත් පියුමි හන්සමාලිට වගේ එච්චර ලැජ්ජාවක් නැති පුද්ගලයෙක්. මම විස්වාසකරන්නේ ලැජ්ජාවක් නැතිකමත් එක්තරා Talent එකක්. එනිසාම තමයි ඔහුට අනිත් ලංකාවේ ජනප්‍රිය කලාකාරයන්ට වඩා පියුමි හන්සමාලි මෙන් ලොකු following එකක් හදාගන්න හැකිවෙලා තියෙන්නේ. මෙයට අපි ගරු කල යුතුයි. පියුමි හන්සමාලිට පවා බොහෝ අය බැන්නට, මම ඇයගේ නිර්භීකමට ගරු කරනවා. බටහිර ලෝකේ එවැනි කාන්තාවන්ට කියන්නේ “Empowered women” කියලා. හැබැයි දැං ඔය ලබාගත්තු ලොකු social media following එක හරියට පාවිච්චි කිරීම ඔවුන්ග වගකීමයි. සංස්කෘතිය කඩන්න කියලා ඉරාජ් ලංකාවේ නොපෙන්නූ music videos බලන්න fansලා එක් රොක් වුනාට පස්සේ, ඔහු දැං ඔහුගේ දේශපාලන කැමැත්තට ඒඅයව හරවනවා වගෙයි පෙනෙන්නේ. ඔහු දැං, විටක රට හදන්න උත්සාහගන්න උතුම් තරුන කලාකාරයෙක් සේ පෙනී සිට පන්සල්වලට Lights ඉල්ලනවා ළමයින්ට Computer අරන් දෙනවා. පසුව ඔහුගේ දේශපාලන රුචිකත්වයට විරුද්ධවාදීන්ට වක්‍රාකාරයෙන් පහර ගහනවා. හැබැයි ඒ අය වන්දි ඉල්ලලා නඩු දාලා ඉරජ්ට වැරදුනාම, ඔහු සින්දු කියලා හම්බු කරන අහින්සක කලා කාරයෙක් කියලා කියාගන්නවා.

එහෙම වෙන්න එපා මගේ මිත්‍රයා! ඔයා දැන් ලොකු වගකීමකින් ගමනක් යායුතු පොරක් වෙලා ඉවරයි. ඔයාගේ දේශපාලන රුචිකත්වය ඔයාගේ social media එකේ ඉඟියකින් හරි කියන එක සුදුසු නැහැයි කියලය මට හිතෙන්න. But now its too late මච. මගේ රුචිකත්වයත් ඔබේම රුචිකත්වයත් විය හැකියි හෝ නොවිය හැකියි. හැබයි කලාකාරුන් ලෙස අපි එය මහජනතාවට ඉඟි නොකල යුතු දෙයක්. ඔබ එසේ කරවානම්, මින් ඉදිරියට ඔබෙන් ප්‍රවේසම් වෙන්න කියා මම මුලු ලංකාවෙන්ම ඉල්ලා සිටිනවා. මොකද, එසේනම් ඔබත් අපිට සුද්දාගෙන් නිදහස ලැබූ දා සිට මෙතෙක් තිබුනු දේශපාලුවන්ගේ රට ගලවාගත යුතුයි කියලා ලාංකීයන්ට හිතෙන වෙලාවක, නැවතත් උන්ටම කඩේ යන එකෙක් වීමයි.

මම ඉරාජ් සහ රන්ජන් ඇතුලු දේශපාලනේට අතගහන සෑම කලාකාරයෙක්ගෙන්ම ඉල්ලන්නේ, අපේ දුප්පත් මිනිස්සු රැවටුනා ඇති. ඔයාලත් වක්‍රව කරන්න පටන් අරන් තියෙන්නෙත් පක්ශ දේශපාලය සහ මිනිස්සු රැවටීම නම්, ඒක වහාම නවත්තන්න.

තෙරුවන් සරනයි!

දුෂ්යන්ත් වීරමන්.