තෝර් සහ අයන් මෑන්ව පරදවා වසරකට වැඩිම ගෙවීමක් ලබන නළුවා බවට ඩ්වේන් ‘ද රොක්’ ජොන්සන් පත්වෙයි!

වසරකට වැඩිම ගෙවීමක් ලබන නළු නිළියන්ගේ ෆෝර්බ්ස් ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගැනීමට ප්‍රසිද්ධ හොලිවුඩ් නළු සහ හිටපු රෙස්ලිං තරුවක් වන ඩ්වේන් ‘ද රොක්’ ​ජොන්සන් සමත්ව තිබෙනවා. මේ ඔහු ෆෝර්බ්ස් ඉහළම ගෙවීමක් ලබන නළුවා බවට පත්වන්නේ පිට පිට දෙවැනි වතාවටයි.

2018 ජුනි සිට 2019 ජුනි දක්වා කාලය තුළ සිනමා රංගනයෙන් රොක් ලැබූ ආදාය​ම ඩොලර් මිලියන 89.4ක් වන අතර පසුගිය වකවානුවේ රොක් රංගනයෙන් දායක වූ ‘Fast & Furious Presents: Hobbs & Shaw සහ Jumanji චිත්‍රපට ඔහුගේ ආදායම ඉහළ දැමීමට හේතු වී තිබෙනවා.

හොලිවුඩ් මාර්වල් චිත්‍රපටවල තෝර් සහ අයන් මෑන් චරිත හරහා ජන ප්‍රසාදයට පත් ක්‍රිස් හෙම්ස්වර්ත් සහ රොබර්ට් ඩව්නි ජූනියර් මෙම ලැයිස්තුවේ දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා. ඔවුන් ලබා ඇති ආදායම පිළිවෙලින් ඩොලර් මිලියන 76.4ක් සහ ඩොලර් මිලියන 66ක්.,

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *