පිපිරීම්වලින් මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 310ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තුවලකරුවන් 500ක් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

එමෙන්ම මෙම ප්‍රහාරය හේතුවෙන් විදේශ ජාතිකයින් 31කු මේ වන විට මිය ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම මෙරටට පැමිනි විදේස් සංචාරකයින් 14කු අතුදන් වී සිටින බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

කොළඹ ජාතික රෝහලේ මළ සිරුරු 140 කට පශ්චාත් මරණ පරීක්ෂණ 89 ක් සිදුකර ඇත. මීගමුව දිස්ත්‍රික් රෝහලේ මළ මිරුරු 102 කින් 92 ක් ඥාතීන් භාරගෙන ඇත.

මඩකළපුව ශික්ෂණ රෝහලේ මෘත ශරීර 29 ක් ඔවුන්ගෙන් 23 දෙනෙක් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන් වෙත භාරදෙන ලදී.

නාඳුනන මළ සිරුරු 41 ක් තවමත් රෝහල් වල පවතී.නාඳුනන මළ සිරුරු 6 ක් රාගම රෝහලේ තිබේ.
කොළඹ ජාතික රෝහල තුල දැනට විදේශීය ජාතිකයින් 20 දෙනෙකුගේ මළ සිරුරු තිබේ.

සුළු තුවාල ප්‍රතිකාර ලබා විදේශිකයින් 22 දෙනෙකු කොළඹ ජාතික රෝහලෙන් පිටව ගොස් තිබේ.

පිපිරීම් සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 24දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දිවයින් පුරා පෙරේදා (21) දිනයේ පිපිරීම් 8ක් සිදු විය.

එමේන්ම එදිනම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී පුපුරණ උපකරණයක් හමු වු අතර ගුවන් හමුදා භට පිරිසක් විසින් එය නිෂ්ක්‍රිය කර කළේය.

ඊට අමතරව ඊයේ (22) දිනයේදිද කොච්චිකඩේ දේවස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සැකකරු පැමිනි වෑන් රථය කොටහේන ප්‍රදේශයේදි සොයා ගත් අතර එහි තිබි හමු වු බොම්බය ද ආරක්ෂ අංශ විසින් නිෂ්ක්‍රිය කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *