ඇමෙරිකා ආරක්ෂක රහස් හෙළිකළ එඩ්වර්ඩ් ස්නෝඩ්න්ට රුසියා පුරවැසිභාවය

ඇමෙරිකා ආරක්ෂක රහස් හෙළිකළ එඩ්වර්ඩ් ස්නෝඩ්න් හට රුසියා පුරවැසිභාවය හිමිව තිබෙනවා.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සියේ සේවයේ නිරතව සිට එහි රහසිගත ලියකියවිලි මාධ්‍යයට නිකුත් කළ එඩ්වර්ඩ් ස්නෝඩ්න් 2013 වසරේ දී රුසියාවට පලාගියා. එතැන් පටන් රුසියාවේ ජීවත් වූ ඔහුට 2020 වසරේ දී රුසියාවේ ස්ථීර පදිංචිය හිමිවූ අතර අද දිනයේ දී රුසියා පුරවැසිභාවය ලබාදීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා. ඇමෙරිකාවේ දේශීය හා ජාත්‍යන්තර නිරීක්ෂණ මෙහෙයුම් අඩංගු රහසිගත ලිපිලේඛන රැසක තොරතුරු හෙළිකිරීමට එඩ්වර්ඩ් ස්නෝඩ්න් පියවර ගත්තා. ඔහු හෙළිකළ තොරතුරු අනුව ඇමෙරිකා ජාතික ආරක්ෂක ඒජන්සියේ ඇතැම් වැඩසටහන් නීතිවිරෝධී බව හා බුද්ධි අංශ ප්‍රධානීන් ජනතාවගෙන් සත්‍ය වසන් කළ බවටත් ඇමෙරිකා අධිකරණය හමුවේ පසුව තහවුරු වුණා. පුරවැසිභාවය හිමිවීමෙන් පසු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එඩ්වර්ඩ් ස්නෝඩ්න් සදහන්කර ඇත්තේ තමා දීර්ඝ කාලයක් පවුලෙන් වෙන්ව සිටි බවත් තවදුරටත් එසේ සිටීමට අවශ්‍ය නොවන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *