මහල් නිවාස සංකීර්ණ අටක් ‘තවත් දින 14කට’ අගුළු දමයි

දැනට අගුළු දැමීම (Lock Down) සිදුකර ඇති කොළඹ ආශ්‍රිත සියලුම මහල් නිවාස සංකීර්ණ පසුගිය සඳුදා (23 වැනිදා) සිට බලපැවැත්වෙන පරිදි තවත් දින 14ක් අගුළු දැමීමට පියවරගෙන ඇති බව වාර්තා වනවා.

 

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න පැවසුවේ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උපදෙස් මත මෙලෙස අගුළු දැමීමේ කාලය දීර්ඝ කළ බවයි.

‘‘දැනට මහල් නිවාස සංකීර්ණ අටක්, ඒ කියන්නේ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහල් නිවාස තුනක්, කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ තියෙන මහල් නිවාස සංකීර්ණ පහක් සහ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යටතේ තියෙන එක් මහල් නිවාසයක් මේ වෙනකොට සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි රජය මගින් නැවත අගුළු දමා තිබෙනවා’’ යැයි දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.

ඒ අනුව මෙම අගුළු දැමීමේ ක්‍රියාවලිය දෙසැම්බර් 06 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.

කොවිඩ් ආසාදිතයන් මෙම ප්‍රදේශවලින් වැඩිපුර වාර්තාවීමත් සමග මෙවැනි තීරණයක් ගැනීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *