සිසුන් අටක් සිසුවියන් තිදෙනෙක් හොරෙන්ම ගඟට බසී-සිසුන් දෙදෙනෙක් කැළණි ගඟේ සැඟවේ

කිරිඳිවැල – රන්වල පාලම අසළදී කැළණි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

ඔවුන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

19 හැවිරිදි මෙම පාසල් සිසුන් දෙදෙනා වැලිවේරිය සහ මුදුන්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

පිරිමි ළමයින් අටදෙනෙකු සහ ගැහැණු ළමයින් තුන්දෙනෙකු ඊයේ මෙලෙස දිය නෑමට පැමිණ ඇති අතර, මිතුරෙකුගේ නිවසට පැමිණි ඔවුන් වැඩිහිටියන්ට නොදන්වා එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *