මැතිවරණ වියදම් නියාමන පනත කඩ කළ අයකු දිනුවත් ධුරය අහෝසි කළ හැකියි

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය පනත උල්ලංඝනය කර යම් අපේක්ෂකයකු ජයග්‍රහණය කළහොත් ඔහුගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට අධිකරණයට බලය ඇතැයි ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එබැවින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී එකී පනත අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත් එසේ නොවුණහොත් ජනතාවගෙන් ලැබෙන ඡන්දයට සාධාරණයක් කිරීමට අපේක්ෂකයන්ට නොහැකි වන බවත් හෙතෙම කීවේය.

එකී පනත අනුව ඕනෑම අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය කුමක්ද යන්න සඳහන් කර ඇති බවත් එහි තෙවන වගන්තියට අනුව මැතිවරණ නාම යෝජනා භාරදීමෙන් පසු දින පහක් තුළ මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල කුමක්ද යන්න ප්‍රකාශයට පත් කළ යුතුව ඇති බවත් ඔහු කීවේය. පනතේ පස්වන වගන්තියට අනුව රාජ්‍ය මුදල්, විදේශීය හෝ ජාත්‍යන්තර සංවිධානවල මුදල්, ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කළ හෝ නොකළ කුමන හෝ පුද්ගල මණ්ඩලයකින් ලැබෙන මුදල්, අනන්‍යතාව හෙළි නොකළ තැනැත්තන්ගෙන් ලැබෙන මුදල් සහ පරිත්‍යාග මැතිවරණය සඳහා වියදම් කිරීම දණ්ඩනීය වරදක් බවත් හෙතෙම කීවේය.

සිරිමන්ත රත්නසේකර

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *