අද (20) දිනයේ දී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
ඊයේ (19) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා කියා සිටියේ කාණ්ඩ 04ක් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින් වර විදුලි කප්පාදුවක් සිදු කරන බවයි.
ඊට හේතුව ලෙස එම සංගමය පෙන්වා දුන්නේ, පෙරේදා දිනයේ ඩීසල් සහ නැප්තීන් නමැති ඉන්ධන ද්‍රාවණ හිඟවීමෙන් කැලණිතිස්ස සහ සපුගස්කන්ද විදුලි බලාගාර වසා දැමුණේ, එය පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් නොමැති වීම හේතුවෙන් බවයි.
කෙසේවෙතත්, ඊයේ දිනයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී ඇත්තේ, කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක් ලබාදීමටයි.