මින්නේරිය ජාතික වනෝද්‍යානය අසලදී ත්‍රීරෝද රථයකට අලියෙක් පහර දෙයි (Video)

හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ ගමන් ගත් ත්‍රීරෝද රථයකට අලියෙක් පහරදීම හේතුවෙන් ත්‍රීරෝද රථයකට දැඩි අලාභ හානි සිදුවී ඇත.

මෙලෙස පහර දී ඇත්තේ මින්නේරිය ජාතික වනෝද්‍යානය අසලදී වන අතර එම ත්‍රිරෝද රථය රටකජු වෙළදාම් කිරීමට පැමිණි පුද්ගලයකුට අයත් වේ.

ත්‍රිවීල් රථය තුල අලියාට කෑමට දෙයක් නොමැති තැන රථය කුඩු කර පලා ගොස් ඇත. අලියා රථය අසලට පැමිණි අවස්ථාවේදී වෙළදාම් කිරීමට පැමිණි පුද්ගලයා දිව ගොස් ජීවිතය බේරාගෙන ඇත.

ඔහුට රැකියාවක් නොමැති නිසා එම ස්ථානයට පැමිණ ඇති අතර මින්නේරිය වනජීවී නිලධාරීන් පැමිණ අලියා පලවා හැර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

වන සතුන්ට කන්න දීම තහනම් බවට සහ හිරිහැර කිරීමට තහනම් බවට දැන්වීමක් පළ කර ඇති ස්ථානයකදී මේ පහරදීම සිදු වී ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *