සිසුවෙකුට හොඳ හැටි පහරදුන් කැම්පස් සිසුන් 11ට පන්තිත් තහනම් (VIDEO)

කොළඹ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ශිෂ්‍යයකුට අමානුෂික ලෙස පහර දුන් බව කියන සිසුන් 11 දෙනකුගේ ශිෂ්‍ය භාවය අත්හිටුවීමට කොළඹ විශ්වවිද්‍යාලයීය පරිපාලන අංශ පියවර ගෙන තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සියලු දෙනා ම කලා පීඨයේ දෙවැනි වසරේ සිසුන් වනවා.

බිම දමා පාගමින් අතින් පයින් සිසුවකුට පහරදී ඇති ඔවුන් ඉන් පසු ෆයිබර් පුටුවකින් ද දැඩි ලෙස පහර දී තිබෙනවා.බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහර දීම කර ඇතැයි ද පහර කෑමෙන් තුවාල ලත් සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා ඊයේ (12 වැ) වන විට පිටව ගොස් ඇතැයි ද මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළා.

පහර දීමට සම්බන්ධ වූ සිසුන් 11 දෙනා සම්බන්ධයෙන් පරිපාලන අංශ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු ඔවුන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටිනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.