බස්නාහිර පළාත තුළ සිඟමන් යදින යාචකයින් ඉවත් කිරීම පොලීසිය විසින් ආරම්භ කර තිඛෙනවා.
පොලිස් මූලස්ථානය බස්නාහිර පළාතේ සියලූම පොලිස් මූලස්ථානය වෙත ලබා දුන් උපදෙස් අනුවයි මෙලෙස යාචකයන් ඉවත් කිරිම සිදුකරනු ලබන්නේ.
මේ වනවිට ගාලූමුවදොර පිටිය සහ කොටුව දුම්රියපොළ අවට සිටි යාචකයන් 700 ආසන්න පිරිසක් ඉවත් කර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් පිරිසක් අම්බලන්තොට – රිදියගම යාචක රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නියමිතයි.
මෙලෙස ඉවත් කළ යාචකයන් අතර විවිධ අපරාධ කි්‍රයාවලට සම්බන්ධ පුද්ගලයින් ද සිටි බව පොලිසිය සඳහන් කළා.එමෙන්ම, අද පෙරවරුවේ පොලිසිය,වෙළඳසැල් හිමියන් සහ මහජනතාව එක්ව ගාලූමුවදොර පිටියපිරිසිදු කරනු ලැබුවා.
පෙරවරු 8 සිට 10 දක්වා මෙලෙස ගාලූමුවදොර පිටියේ කැලි කසළ ඉවත් කළ බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, දුම්රියේ සිඟමන් යදින යාචකයන් සහ අනවසර වෙළඳුන් ඉවත් කිරිමේ කටයුතු හෙට සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එහි ආරක්ෂණ අධිකාරි අනුර ප්‍රේමරත්න කියා සිටියේ සහකාර අධිකාරී කොට්ඨාශ මගින් මෙම යාචකයින් සහ අනවසර වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සිදුකරන බවයි.