ඇගිල්ලේ ආබාධයකට ලක්වූ ලසිත් ඇඹුල්දෙනිය සුවය ලැබීමට සති 6ක්

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමක් හේතුවෙන් ආබාධයකට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිට ඒම තරගය අහිමි වී තිබේ.

සිය හයවැනි පන්දුවාරය යොමුකරමින් සිටින විට රබාඩා ලබාදුන් උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නේය.

වම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිතය. ඒ අනුව ඔහුට සති 6ක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටිමට සිදුවෙනු ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ඉතිරි කොටසට පන්දු යැවීමට සහ පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් ක්‍රීඩකයෙකු අහිමිවනු ඇති.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *