ඉම්රාන් ඛාන්ගේ වත්කම්වල සැබෑ තතු එලියට

ඉම්රාන් ඛාන් කියන්නේ දැන් පකිස්ථානයේ ඉන්න අගමැති. ඒ නමුත් බොහෝ දෙනෙක් ඔහුට ආදරේ කරන්න පටන් ගත්තේ ඔහුගේ ක්‍රිකට් ජීවිතය නිසයි. ක්‍රිකට් නිසා ඉම්රාන් ඛාන් කියන ක්‍රීඩකයාව මුළු ලෝකයම හදුනා ගත්තා.

දේශපාලනයෙන් මේ වෙද්දී ජනතාව අතරට ගිය ඉම්රන්ගේ වත්කම රුපියල් මිලියන 108 ක් වෙනවා. ඊට අමතරව ඔහුට එළුවන් හතර දෙනෙක් ඉන්නවා. ඔහු සතුව විදේශ ගිණුම් හතරක් තිබුණත් ඉම්රාන් ඛාන් සතුව මෝටර් රථයක්වත් නැති බව තමයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම ඔහුගේ බිරිද සතුව කිසිදු ස්වර්නාභාරණයක් නැති බවත් සදහන් වෙනවා. ඒ නමුත් අගමැති ඉම්රාන් ඛාන් සේවයට පැමිණෙන්නේ රජයේ හෙලිකොප්ටරයකිනුයි.

එහෙත් හිටපු ජනපති සර්දාරිගේ වත්කම පාකිස්තාන් රුපියල් බිලියන 1.5 ක්. ඊට අමතරව පාකිස්තාන් රුපියල් මිලියන 10 ක වටිනා අශ්වයන්ද සර්දාරි සතුව තිබු බවත් සදහන් වෙනවා.

මෙම තොරතුරු පාකිස්තානය මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *