ඩේවිඩ් වෝනර්ගේ දැවී යාමට එංගලන්ත ක්‍රීඩා ලෝලීන් දැක්වූ අමුතුම ප්‍රතිචාරය (Video)

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන තරඟාවලියේ පළමු තරඟය ඊයේ දි​න ඇරඹුනා. එංගලන්තයේදී පැවැත්වෙන මෙවර තරඟාවලියේ පළමු තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. එංගලන්ත ප්‍රබල පන්දු යැවීම හමුවේ ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ වූවත්, ස්ටීව් ස්මිත්ගේ ශතකය නිසා ඔවුන් අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 284ක් කරා යන්නට සමත් වුණා.

මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ඩේවිඩ් වෝනර්ට ඊයේ දිනයේ අතීතය මතක් කර දෙන අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්නට සිදුවීම විශේෂයි. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි වෝනර්ට ලබාගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි. දැවී යාමෙන් අනතුරුව ක්‍රීඩාගාරය වෙත යන වෝනර්ට එංගලන්ත ක්‍රීඩා ලෝලීන් දැක්වූයේ අමුතුම ප්‍රතිචාරයක්.

ඔවුන් කහ පැහැති වැලි කඩදාසි පෙන්වමින් වෝනර්ට උසුලු විසුලු කරන්නට පටන් ගත්තා.

මෙසේ කරන්නට හේතුව වූයේ 2018 වර්ෂයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව වැලි කඩදාසියකින් පන්දුව පළුදු කිරීමේ වරදට වෝනර්ව වැරදිකරු වීමයි. මෙම වරද නිසා ඔහුට දිගු තරඟ තහනමකට ලක් වන්නටද සිදු වුණා.

එංගලන්ත ක්‍රීඩා ලෝලීන් වැලි කඩදාසි වනමින් ප්‍රතිචාර දැක්වූ අයුරු පහත වීඩියෝවෙන් ඔබට නරඹන්නට පුළුවන්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *