මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා හොර රහසේම වෙනත් රටකට පලා යෑමේ සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු ශ්‍රී ලංකා පොලිසියේ බුද්ධි අංශ වෙත ලැබී තිබෙනවා.
ඩුබායි රාජ්‍යයේ සිටින මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරිඳ ඇතුළු පාතාල සගයන් පිරිසක් විසින් මෙම සැලසුම සකස් කර ඇති අතර මේ වනවිට එය ක්‍රියාවට නංවා ඇති බවයි බුද්ධි අංශ පවසන්නේ.
මාකඳුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පුද්ගලයන් 20 දෙනෙක් පමණ මේ වනවිට ඩුබායි රාජ්‍යයේ අල් රෆා පොලිසියේ රඳවා සිටිති. ශ්‍රී ලංකා පොලිසිය සහ ප්‍රති විරුද්ධ පාතාල කල්ලි තම ජීවිතයට විශාල තර්ජනයක් එල්ල කර ඇති බැවින් තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලමින් මාකඳුරේ මධුෂ් ඩුබායි අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පසු ගුවන් තොටුපලේ දී අද (04) අත්අඩංගුවට ගත් රංගන ශිල්පි රයන් වැන්රෝවන්ගේ ඡායාරූප www.truenews.lk වෙත ලැබී තිබෙනවා.
එය පහතින් නැරඹිය හැකියි.