සේවක අර්ථසාධක ගැටලුවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් වී ඇත.

නිදහස් වෙළෙඳ කලාප පොදු සේවා සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්, භාණ්ඩාගාරික නිමල් ප්‍රේමසිරි විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *