යානය විනාශවූ අයුරු ‘ සියැසින් දුටුවෙක්’ සිද්ධිය විස්තර කරයි

අනතුරට ලක්වූ ඉතියෝපියන් ගුවන් යානය (ET 302) එරට බිෂෝෆ්ට්යු ප්‍රදේශයට කඩා වැටීමෙන් පසුව පිපිරීමක් සහ ගිනි ගැනීමක් ඇතිවූ බව ඇසින් දුටු පුද්ගලයෙක් පවසා තිබෙනවා.

Bekele Gutema නම් වන ඔහු සඳහන් කර ඇත්තේ සිද්ධිය වී බොහෝ වෙලාවක් යනතුරු ගිනි නිවීමේ අංශ එම ස්ථානයට ළඟා නොවූ බවයි.

යානයේ ගමන්ගත් මගීන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශාල පිරිසක් ගුවන්තොටුපොළ දෙක වෙතම පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

 

………………………………………………….

යානයේ සිටි 157ම ජීවිතක්ෂයට – රටවල් 33ක පිරිසක් ඒ අතර (UPDATE )

මගීන් 149ක් හා කාර්යමණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ඉතියෝපියානු ගුවන් සේවයට අයත් යානාවේ සිටි සියලුදෙනා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යානාව තුල රටවල් 33කට අයත් පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ  අනතුරට ලක්වූ ඉන්දුනීසියානු Lion Air flight JT610 ගුවන් යානය ද Boeing 737 මෙම වර්ගයට අයත් වනවා.

……………………………………………..

බෝයිං සමාගමෙන් යානය අරන් තවම මාස 4යි – අනතුර සිදුවුණ ප්‍රදේශය මෙන්න (UPDATE )

අනතුරට ලක්වූ Boeing 737 වර්ගයට අයත් ඉතියෝපියන් ගුවන් යානය (ET 302) එරට බිෂෝෆ්ට්යු ප්‍රදේශයට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

මගීන් 149ක් සහ කාර්ය මණ්ඩලය 8 දෙනෙකු සමග මෙම යානය අනතුරට ලක්වුණා.

බෝයිං සමාගම මෙම යානාව ගුවන් සමාගමට ලබාදී ගතව ඇත්තේ මාස 4ක කාලයක් පමණයි.

…………………………………

මගීන් 149ක් සමග තවත් යානයක් ගුවන් අනතුරක

මගීන් 149ක් හා කාර්යමණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු රැගත් ඉතියෝපියන් ගුවන් යානයක්  අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ,කෙන්යාව බලා ගුවන් ගතවෙමින් තිබීයදී.

Boeing 737 ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.

එරට වේලාවෙන් පෙරවරු 8.35ට ගුවන්ගතාවූ යානය ඉතා කෙටි වෙලාවකින් (පෙරවරු 8.44ට ) අනතුරට ලක්ව ඇති බව ඉතියෝපියන් ගුවන් බලධාරීන් පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *